හොරොයින් සමඟ දෙදෙනෙක් පෑලියගොඩ දී අල්ලයි

මැයි 25, 2019

    පෑලියගොඩ ප්‍ර‍දේශයේදී හෙරෝයින් ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකළේ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින්. සැකකරුවන් වැලිවේරිය සහ කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 සහ 44 වන වියෙහි පසුවන්නන්.

    සැකකරුවන් හා හෙරොයින් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පෑලියගොඩ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 07:47

    Latest News