අලුත් බෝට්ටු ගන්න රජයෙන් 50%ක සහනයක්

මැයි 23, 2019

    මුහුදේදී විනාශයට පත්වන ධීවරයින්ගේ යාත්‍රා වෙනුවට නව ධීවර යාත්‍රා මිල දී ගැනීමට වැය වන මුදලින් 50%ක සහනාධාරයක් ලබාදීමට තීරණය කළ බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ඊයේ සිය අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දැනට අඩි 55ක නව ධීවර යාත්‍රාවක් මිල දී ගැනීමට 50%ක සහනාධාරයක් ලබාදෙයි. එහෙත්, ධීවර රැකියාවේ යෙදෙන ප්‍රජාවගේ මුහුදේ දී විනාශයට පත්වන ධීවර යාත්‍රා වෙනුවෙන් මෙතෙක් සහනාධාර ලබා දී නොමැත.

    විනාශයට පත්වූ ධීවර යාත්‍රා පිළිබඳව සහ විපතට පත් ධීවර පවුල් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කළ රජය, මෙම 50%ක සහනාධාරය අනුමත කර තිබේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 09:48

    Latest News