තොණ්ඩමන් බොදුබල සේනා නන්දසාර හිමි හමුවෙයි

මැයි 23, 2019

    ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් බොදු බල සේනාවේ ජාතික සංවිධායක පුජ්‍ය විතාරන්දෙණියේ නන්දසාර හිමියන් හමුවී සාකච්ඡාවක් පැවැත්විණ.

    පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ ඇති වි තිබු නොසන්සුන්කාරි තත්ත්වය යළි ඇති නොවිමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය නායකයින් බොදු බල සේනාවේ ජාතික සංවිධායක හිමියණ් සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කල බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයා කියා සිටියේ.

    මෙම අවස්ථාවට ඌව පලාත් හින්දු සංස්කෘතික අමාත්‍යය සෙන්දිල් තොණ්ඩමන් ,ජිවන් තොණ්ඩමන්, මධ්‍යම පලාත් හිටපු අමාත්‍යය එස්.රමේෂ්වරන් මහතා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රෙස් ජෙෂ්ඨ නායකයින් රැසක් සහභාගි විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 09:39

    Latest News