කේරළ ගංජා 140kgක් මැදවච්චියේ දී මාට්ටු 

මැයි 23, 2019

    මැදවච්චිය, මාර්ග බාධකයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 142.812 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    යුද්ධ හමුදාව සහ පොලිසිය එක්ව මැදවච්චිය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ යොදා ඇති මාර්ග බාධකයේදී නාවික හමුදාව විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව මෝටර් රථයක් පරික්‍ෂාකිරීමේ දී මෙම කේරළ ගංජා තොගය හමුවී තිබේ.

    ඒවා පාර්සල් 66 බහා තිබිණ. සැකකරු 50 වන වියෙහි පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මැදවච්චිය, පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 07:46

    Latest News