ඩෙල්ෆ් මුහුදෙන් මතුවු කිලෝ 62ක ගංජා

අප්‍රේ 17, 2023

    යාපනය, ඩෙල්ෆ්ට් දූපතට බටහිර දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 62කට අධික තොගයක් සොයා ගැනුණා.

    ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී. මත්ද්‍රව්‍ය තොගය රැගත් ඉන්දීය ඩව් යාත්‍රාවක් සමග සැකකරුවන් තිදෙනෙක් ද නාවික හමුදා භාරයට ගැනිණ. මෙම මත්ද්‍රව්‍ය තොගය අදාළ යාත්‍රාවේ උර දෙකක් තුල පාර්සල් 23ක අසුරා තිබිණ.

    මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 20 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

    Latest News