වෙඩි පහරින් පොලිස් කොස්තාපල් මරුට

මැයි 22, 2019
    අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරුවෙකු කළ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් අද (22) සවස මරණයට පත්ව තිබේ. 
    වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කඹුරුපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 30ක් වූ අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කසුන් සම්පත් නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
    මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ධර්මසිරි නැමැති අයෙකි. ඔහු මේවන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා අකුරැස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.  

    Latest News