ත්‍රාඪ වැඩ නවත්වන්න..... නැත්නම් ISIS සාමාජිකයන් බිහිවන එක වෙයි

මැයි 19, 2019

    කුසලතාව සහ නිපුණතාවය ඇති පාලකයෝ පත් විය යුතු කාලයක් බව ඇමති පාඨලී චාම්පික රණවක පවසයි.

    රටට අවශ්‍ය නායකයෙක් තෝර ගැනීමට නොවැම්බර් මස අවස්ථාව සැලසෙන බැවින් එතෙක් ආණ්ඩු පෙරලි අවශ්‍ය නොවන බවත් ඔහු කියා සිටියේය. අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ සුවදුක් විමසීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණියේය.

    ඉන්පසුව මාධ්‍යවෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා - “රජයක ප්‍රධාන පරමාර්ථය පුරවැසියාට ආරක්ෂාව ලබාදීම, ලබන සතියේ ඉඳල ළමයින් පාසැල් යවල වැඩබිම් වලට ගිහිල්ලා රටේ සාමාන්‍ය පරිද්දෙන් කටයුතු කරන්න ඕන. හැම මොහොතකම ත්‍රස්තවාදීය අන්තවාදිය විනාශ කරන්න කටයුතු කරන්න ඕන. අපි පසුගියදා ආරම්භ කලා ජාතික මඟ නමින් මුස්ලිම් ප්‍රජාව සමහරක් කරන දේවල් නතරකරන්න ඕන. රටේ සියලු තැනට එකම නීතියක් තියෙන්න ඕන. ආරක්ෂක අංශ වලට කරන කටයුතු කරන්නදීලා ඔය ත්‍රාඪ වැඩ නතර කරන්න ඕන ඒ කරන වැඩවලින් ISIS එකට සාමාජිකයන් වැඩිවෙන එක විතරයි වෙන්නේ. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවක් ඇති කරන්න ඕන මුස්ලිම් ජනතාවගේ සහයත් ඒකට ඕන. පක්ෂ භේදයෙන් තොරව මේක නතරකරන්න එක්වෙන්න ඕන. ජනාධිපති මැතිවරණයක් එනවා නොවැම්බර් මාසෙ එතකොට ජනතාවට අවස්ථාව ලැබෙයි එතකන් මේ ආණ්ඩුව පෙරලන්න උත්සාහ කරන්න එපා. මේ රටේ කුසලතාවය නිපුණතාවය ඇති පාලකයො පත්වෙන්න ඕන කාලයක් යැයිද “ඔහු කියා සිටියේය.

     

     

    Latest News