සාධාරණත්ව හා සංහිඳියා ගමනට අමෙරිකාවේ සහය

මැයි 19, 2019

    සිවිල් යුද්ධය නිමවී අභිමානවත් දසවැනි සැමරුම අවස්ථාවේදී සාමය වෙනුවෙන් ඇති ඇල්ම, සාධාරණත්වය හා සංහිඳියාව පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති කැපවීමට සහය පළ කරන බව, අමෙරිකාව පවසයි.

    වගවීම හා ප්‍රතිසන්ධානයට ශ්‍රී ලංකා රජය කැපවී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රජය කියා සිටී. අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ, අමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් සහ කලාපයේ ආරක්‍ෂාව පිළිබඳ පොදු එකඟතාවයක් මත පදනම්ව සහයෝගයෙන් ක්‍රියාකරන බවයි.

    පසුගියදා වොෂිංටන් නගරයේ පැවති සංවාදයේ දී දෙරට අතර මෙම සබඳතාව යළි තහවුරු කෙරිණ. යුද්ධය නිසා අහිමිවූ, අතුරුදන්වූ මෙන්ම මානසික හා ශාරීරික පීඩාවට පත් සියලු දෙනා සිහිපත් කරන බව නිවේදනයේ දැක්වේ. මෙම අරගලයට හේතුවූ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමටත්, ඒවාට විසඳුම් ලබාදීමටත්, ඇති කැපවීම පිළිබඳ ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව, අමෙරිකාව පවසයි.

    ශ්‍රී ලකාවේ සංක්‍රාන්තික යුක්තියට සහය පළ කරන බව බ්‍රිතාන්‍යය ද පවසයි. සිවිල් යුද්ධයේ දස වැනි සංවත්සරය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ ආසියාව පිළිබඳ අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ දීර්ඝ කාලීන මිතුරෙකු බවයි. ස්ථාවර, සෞභාග්‍යමත් හා සාමකාමී අනාගතයක් ගොඩනැඟීම පිණිස සංහිඳයා ක්‍රියාවලියට අඛණ්ඩව සහය පළ කරන බව බ්‍රිතාන්‍ය පවසයි.

    Last modified on ඉරිදා, 19 මැයි 2019 17:41

    Latest News