මෙම දරුවා ඉකුත් 17 වෙනිදා සවස සිට අතුරුදහන්ව ඇති බවට කහවත්ත කොටියතැන්න පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුනි. දරුවාගේ මව රැකියාව සඳහා විදේශගතව සිටින අතර පියා කලවාන ප්රදේශයේ රැකියාවක නිරත වේ. මොහුව සහ සහෝදරියත් සහෝදරයාත් රැකබලාගන්නේ ඔවුන්ගේ මිත්තණිය සහ මාමා විසිනි.
පසුගිය 17වනදා නිවසින් පිටව බසකය නැගී ඇඹිලිපිටිය ප්රදේශයට දරුවා පැමිණ ඇත. එදින දරුවා ඇඹිලිපිටිය බස් නැවතුම්පොලේ නැවතී සිට තිබේ. පසුව 18වනදා උදෑසන බසයක නැග කොළඹ යෑම සදහා බව කියමින් පිටත්ව ඇති බව.් වාර්තාවේ. අදාළ බස්රථයේ කොන්දොස්තරවරයාට සැක සිතී හම්බන්තොට මූලස්ථාන පොලිසිය වෙත දරුවාව භාර දීමෙන් අනතුරුව පොලිසිය මගින් පියා දැනුවත් කර ඔහුව පොලිසියට ගෙන්වා අද(19) දරුවා භාර දී ඇත.
මෙම දරුවන්ගේ විදෙස් ගත මව දරුවන් ගැන සොයා නොබලන බව පියා පොලිසියේ දී සදහන් කර තිබේ. ගෙදරින් පිටවීමට හේතු විමසූ විට දරුවා පවසා ඇත්තේ සිය පියා නිවසේ නොමැති අවස්ථාවලදී මාමා තමන්හට දැඩිසේ පහර දෙන බවත් එය ඉවසාගත නොහැකිව නිවසින් පලා ආ බවත් ය.