පාඨලී - පවුල් බලයෙන් තොර බුද්ධිමත් පිරිසකට රට භාර දිය යුතුයි

ජූලි 13, 2019

    සැබෑ ලෙසම බෞද්ධයින් සහ අන්‍යාගමිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ හැකි ශ්‍රී ලාංකිකයෙකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මහනුවර දි මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    රට ඉදිරියට ගෙන යා හැකි උගත් බුද්ධිමත් පිරිසකට රට භාර දීම සඳහා අවශ්‍ය වේදිකාව සකස් කරන බව ඔහු මේහිදි පෙන්වා දුනි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයා සිටියේ පවුල්වාදයෙන් බිඳවැටුණු දේශපාලනය ප්‍රණානවත් කිරීම ඔවුන්ගේ අරමුණ බවයි.

    Latest News