දින 3ක් සීගිරිය නැරඹීම නොමිලයේ

මැයි 16, 2019

    සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි  මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

    වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරි වියාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසිය.

    වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේ දී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇතැයි එම නිලධාරියා  පැවසිය.

    නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන බව ඔහු සඳහන් කළේය.මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබාගන්නා බව ද ඒ මහතා පැවසිය. 

    Last modified on බ්‍රහස්පතින්දා, 16 මැයි 2019 07:48

    Latest News