මැයි 20 රජයේ නිවාඩු දිනයක්

මැයි 15, 2019

    අද (15) ගාල්ලේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය.

    වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය(19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වන දින මෙලෙස රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.

    බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට ආගමික කටයුතුවල යෙදීමටත් ජාතික වෙසක් උත්සවයට සමගාමීව සියලුම බෞද්ධ විහාරස්ථාන ඇතුළු රටපුරා පැවැත්වෙන වෙසක් උත්සව වඩාත් සාර්ථකව පවත්වාගෙන යාමේ අවස්ථාව ලබාදීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

    Last modified on බදාදා, 15 මැයි 2019 14:49

    Latest News