සැප්තැම්බර් 19 රජයේ විශේෂ නිවාඩු දිනයක්

සැප් 13, 2022

    දෙවන එලිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය යෙදෙන එළැඹෙන සැප්තැම්බර් 19 වනදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර තිබේ.

    තවද එදින ජාතික ශෝක දිනයක් ලෙස මේ වන විටත් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    රජයේ නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරන්නේ.

    19.png

     

    Latest News