කැකිරාව රිය අනතුරකින් 3ක් මරුට (ඡායාරූප)

මැයි 15, 2019

    දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේ දී අද (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

    වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු සහ වෑන් රථයෙන් පැමිණි කාන්තාවක් සහ කුඩා දියණියක් බව දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    තුවාල ලැබූවන් අතර භික්ෂූන් වහන්සේ නමක් ද වීම විශේෂත්වයකි. ලොරි රථයේ රියදුරුද තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටි. මෙසේ අනතුරට පත්ව ඇත්තේ මාතලේ මහවෙල පොලිස් බල ප්‍රදේශයේ කවටයාමුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව පොලිසිය කියයි.

    මෙම පිරිස අනුරාධපුර ජයසිරි මහා බෝධීන් වහන්සේට පූජාවක් පවත්වා නැවත නිවෙස් කරා ගමන් කරමින් සිටිය දී අනතුර සිදුව ඇතැයි කැකිරාව පොලීසිය කියයි. ලොරි රථය දඹුල්ල දෙසින් කැකිරාව දෙසට ධාවනය කරද්දී වෑන් රථය කැකිරාව දෙසින් දඹුල්ල දෙසට ධාවනය වී තිබේ. වාහනයක් ඉස්සර කිරීමට නොහැකි තනි ඉරක් ඇති ස්ථානයක අනතුර සිදු වී තිබෙන බවත් වෑන් රථය ඉතා අපරික්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය යෙදීම හෝ රියදුරට නින්දයාම අනතුරට හේතුවී ඇතැයි පොලිසිය සැකකරයි. අනතුරත් සමග වැන් රථයට දැඩි හානි සිදුව මාර්ගය හරහා පෙරලි ගොස් තිබේ. ලොරි රථයද මාර්ගය හරහා පෙරලි ගොස් තිබිණි .

    kakirawaaccident1 px 900 19

    kakirawaaccident px 900 19

    kakirawaaccident2 px 900 19

    Last modified on බදාදා, 15 මැයි 2019 15:51

    Latest News