බොරැල්ල OIC හැප්පූ වාහනයේ චැසි අංකය බද්ධ කළ බවට හෙළිවෙයි

මැයි 13, 2019

    මෑතකදී බම්බලපිටිය පොලිස් වසම තුළ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ චැසි අංකය  මෙරට දී බද්ධ කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී පොලීසිය සදහන් කර සිටියේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව එම තොරතුරු අනාවරණය වී ඇති බවයි.

    එබැවින් අදාළ වාහනය  මුදා හරින මෙන් එහි හිමිකරු විසින් කරන ඉල්ලීමට විරෝධය පළ කරන බව ද  පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙහිදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    ඒ අනුව පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ජුනි මස 10 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට නියම කළේය.

    Last modified on සදුදා, 13 මැයි 2019 14:28

    Latest News