දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරුන් මෙන්න.

නිසි ආරක්ෂක ඇගයීමකින් තොරව තමන්ට සපයා දී තිබූ ආරක්ෂක නිලධාරීන්ගේ සංචිතය හැට දෙනෙකු දක්වා අඩු කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය
රෝයල් පාක් මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහ නමත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්රේල් මස 29 වන දා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය අද හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.
මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාර දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළා.
යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් සකස් කරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
වන අලි දුම්රියවල ගැටීම අනතුරට ලක්වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රජයේ බලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. 

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විදෙස් ගතවීම වලක්වාලමින් මාතර ‍මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනමක් පනවා තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා. ඒ, 2023 වසරේ වැලිගම සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත්යැයි සැලකෙන හෝකන්දර සහ ගිරිඋල්ල නිවෙස් පරීක්ෂා කළද ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

2023 වසරේ දෙසැම්බර් 31 වැනි දින වැලිගම ප්‍රදේශයේ හෝටලයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කර තිබු අතර ‍එහිදි එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් වෑන් රථයට ප්‍රති ප්‍රහාර එල්ල කර තිබුණා.

එහිදි වෑන් රථයේ සිටි දෙදෙනෙකු වෙඩි වැදි තුවාල ලැබු අතර රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මිය ගියා.

පසුව හෙළිවුයේ  වෑන් රථයේ සිට ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් පිරිසක් බවයි. පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ‍මියගිය පුද්ගලයා පොලිස් සැරයන්වරයෙකු බවද හෙළිවුණා.

එම මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැළකිල්ලට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව ඉකුත් 27 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

එම තීන්දුවේ දැක්වුණේ ප්‍රශ්න ගත අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් එම ස්ථානයට යොමු කිරීම නිත්‍යනුකූල නොවන ලෙස සිදු කර ඇති බවයි.

ඒ අනුව අධිකරණයේ තීරණය වුයේ, මියගිය පොලිස් සැරයන්වරයා ඇතුළු නිලධාරින් වැලිගම ප්‍රදේශයට යැවිම සම්බන්ධයෙන් හිටපු වැඩබල පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරින් වග කිවයුතු බවයි.  

ඊට අදාළව එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්කෝන් මහතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

අලුතින් නාමයෝජනා කැඳවීමකින් තොරව දැනට නියම කර තිබෙන පරිදි මේ මස 19 වනදා ශ්රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට හා කතානායකවරයා වෙත යොමු කරන බව අද නිවේදනය කළා.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇපමත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලීම ලබන 27 වන දා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. 

Latest News