අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් රථයක් පදවා බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ මරණය සිදුකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මෑතකදී බම්බලපිටිය පොලිස් වසම තුළ බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථයේ චැසි අංකය  මෙරට දී බද්ධ කරන ලද එකක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

Latest News