මධ්‍යම කඳුකරයේ බටහිර බැවුමට තද වැසි

නොවැ 07, 2018

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) පස්වරු සිට තද වැසි ලැබෙමින් පවති. 

    හැටන් නගරයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමගම හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් ෆෘට්හිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවි තිබේ.
    පැවති අධික වර්ෂාවත් සමගම වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර විම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා බැසිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද තරමක බාධා මතු විය.
    වැසි පවතින අවස්තාවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙසත් සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

    07

    heavy rain 06

     

    Latest News