අලගියවන්න - එජාප සම්බන්ධය හෙළි කරයි

නොවැ 07, 2018

    එක්සත් ජාතික පක්‍ෂය තමා සම්බන්ධයෙන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන තම සහෝදර, මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටී.

    නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, තමාගේ දේශපාලන ජිවිතය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පක්‍ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප කර ඇති අතර, ඉදිරියටත් පක්‍ෂය හා එහි නායකයා සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටින බවයි. රාජ්‍ය නායකයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා ලෙස කටයුතු කරන ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් රටේ ඉදිරි සුබ සිද්ධිය උදෙසා තමා උපරිම කැපවීමෙන් යුතුව ගම්පහ සියනෑ කෝරළයේ ජනතාව සමඟ කටයුතු කරන බව, ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.

    තම පවුලේ වැදගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස් ගතව සිටින මෙවැනි අවස්ථාවක තමා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ සමාජ ජාලා වෙබ් අඩවි මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව ද ඔහු සිය නිවේදනයෙන් අවධාරණ කර තිබේ.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 18:02

    Latest News