දයා,නලින් හා පාලිතගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි (වීඩියෝ)

නොවැ 07, 2018
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාගමගේ, නලීන් බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් ඇමති ආරක්ෂාව ලබා දෙන ලෙසට හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් කළ ඉල්ලීම ඉටුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද අවධාරණය කළේය.

    දැනට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබා දෙන උපදෙස් හා නියෝග පමණක් ක්‍රියාත්මක කිරීමට තමා බැඳී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය 26 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනූව නව අගමැතිවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත්ව තිබේ. ඒ අනූව, 2015 වසරේ නිකුත් කළ අමාත්‍ය ආරක්ෂාව සම්බන්ධ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට තමාට සිදුවන බව ද ඔහු අද ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

    දයා ගමගේ, නලින් බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ පොලිස්පති කාර්යාලයට ගොස් ඔවුන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඇතුළත් ලිපිය බාරදී තිබේ. මෙම ඉල්ලීම සම්න්ධයෙන් ක්‍රියාත්මක වීමට කිසිඳු නීතිමය රෙගුලාසියක් තබා වෙත නොමැති බවයි, අද ප්‍රවෘත්ති සාකච්ජාවේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ.

    මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයා තිබේ.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 16:42

    Latest News