තවුහිත් ජමාත් කොළඹ සංවිධායක මොහොමඩ් ෆාරුක්ගේ පරික්ෂණ ඇරඹේ......ඇප ප්‍රතික්ෂේපයි

මැයි 07, 2019

    ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව පැවසෙන මොහොමඩ් ෆාරුක් 5/21 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

    එම සැකකරු අද (07) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කළේය.

    මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශන වලදී කරුණු හෙළිවී ඇති බවයි.

    මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛණ සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, මෙම සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඇප ලබාදීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

    ඒ අනුව අදාළ සැකකරු ලබන 21 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණය නියෝග කළා.

     

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 13:16

    Latest News