හැටන් ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ පලා ගිය තරුණයන් 02ක් පිරිසක් සමග පොලීසියට භාරවෙති

මැයි 07, 2019

    හැටන් ශ්‍රි කුරුසදේවස්ථානයට පැමිණ පලා ගිය තරුණයන් දෙදෙනා සහ තවත් මුස්ලිම් තරුණයන් පිරිසක් ඔහුන්ගේ ඥාතින් සමග අද (07) හැටන් පොලිසියට භාර වි ඇත. 

    මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට පැමිණ දේවස්ථානය නැරඹිමට අවශ්‍ය බවත්, දේවස්ථානයේ පියතුමන් පිළිබඳවත් දේව මෙහෙයට පැමිණි කිතුනු බැතිමතුකුගෙන් විමසිමක් සිදු කර ඇත.

    දේවස්ථානයේ දේව මෙහෙයට සිනුව නාදවිමත් සමග තරුණයන් දෙදෙනා පලා ගොස් තිබේ . පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතියෙන් එම තරුණයන් දෙදෙනා පිලිබදව සැක සිති හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ආරක්ෂිත කැමරාවේ දර්ශනද පොලිසිය වෙත දෙවස්ථාන පියතුමන් විසින් භාර දි තිබුණි. ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ කිරිමෙන් සහ දර්ශන මාධ්‍යය මගින් ප්‍රචාරය විමෙන් පසු එම තරුණයන් පිරිස අද හැටන් පොලිසියට භාර වි ඇත.

    මෙම තරුණයන් කොළඹ පදිංචි කරුවන් වන අතර ප්‍රධාන මුස්ලිම් පල්ලියක් මගින් මෙම පිරිස හැටන් ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියක ආගමික යාඥාවන්ට යවා තිබේ. හැටන් මුස්ලිම් පල්ලියේ යාඥා කටයුතු නියැලිමෙන් අනතුරුව තරුණයන් පිරිස ප්‍රදේශයේ සුන්දර ස්ථාන කිහිපයක් නරඹා පැරණි ශ්‍රි කුරුස දේවස්ථානය නැරඹිමටද පැමිණි බව එම තරුණයන් හැටන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

    මෙම තරුණයන් කිසිදු ත්‍රස්තවාදි ක්‍රියාවකට සම්බන්ධ නොවු පිරිස යාඥා කටයුතු සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලට ගොස් යඤාවල යෙදෙන පිරිසක් බව හැටන් පොලිසිය පවසයි.

    hatonchurch1 px 900 19 05 0

    Latest News