ඇමති රවී: ආරක්ෂාව එපා..... මගේ ආරක්ෂාව බලාගන්නම්

මැයි 05, 2019

    දිවයිනේ පාසල් සිසුන්ට දැඩි ආරක්ෂාවක් සැපයිය යුතු බැවින්, ඊට සහායක් ලෙසින් ඇමති ආරක්ෂක නිලධාරීන්ද ප්‍රතික්ෂේප කිරිමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාත තිරණය කර තිබේ.

    පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ තමාගේ ආරක්ෂාව තමා විසින් සපයා ගනිමින් ඇමති ආරක්ෂක නිළධාරින් නැවත භාරදිමටයි ඔහු තිරණය කර ඇත්තේ.

    ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දින ණනනාවක් වසා තැබූ පාසල්, මේ මස 06 සදුදා නැවතත් ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර ඇති බව පවසන අමාත්‍යවරයා, පාසල් දරුවන් ත්‍රස්තයන්ගේ ඉලක්ක වීමට ඉඩ ඇතැයිද පවසයි. ඒ නිසා පාසල් නැවත ආරම්භ කිරීමට ප්‍රථම පාසල් සහ අදාළ භූමිය විශේෂ ආරක්ෂක සෝදිසියකට භාජනය කළයුතු අතර පාසල් ආරම්භ කිරීමෙන් පසුවද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී ආරක්ෂක වැඩපිළිවෙලක් අනුගමනය කළයුතු යැයි අමාත්‍යවරයා පවසයි.

    රටේ පවතින අර්බුධකාරී වාතාවරණය තුළ දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ දිවා රෑ රාජකාරියේ යෙදී සිටින අතර පාසල් ආරක්ෂාවට සහායක් වශයෙන් රජයෙන් තමාට ලබාදී ඇති ඇමති ආරක්ෂකව නැවත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    Latest News