ආගම කියන්නේ අබිං..... ඒක ඇත්තක්ද.... අගරදගුරු

මැයි 05, 2019

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඉරු දින විශේෂ දේව මෙහෙයක් අද පැවැත්විණ.

    ඒ, බොරැල්ල අගරදගුරු දේවස්ථානයේදී. එය, ජාතික රූපවාහිනිය ඔස්සේ පෙරවරු 8.00 සිට විකාශය කෙරිණ. දේව මෙහෙයට පියතුමන් සහ කන්‍යා සොයුරියන් ද විශාල පිරිසක් එක්ව සිටියහ. පාස්කු ඉරුදින ප්‍රහාරවලින් මියගිය අය සහ තුවාල ලැබූවන් එහිදී සිහිපත් කළේය.

    අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්....

    “කාල්මාක්ස් නමැති දාර්ශනිකයා ලිව්වා “දාස් කපිතාල්“ කියන පොත. ඒ පොතේ ලිව්වාආගම කියන්නේ අබිං කියලා. නමුත් ඒක ඇත්තද? ආගම කියන්නේ මිනිස්සු ආගම අතකොලුවක් කරගෙන වැරදි වැඩ කරනවනම් ඒක අබිං. බෝම්බයක් බැඳගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේ වෙනුවෙන් කියලා කෑ ගහලා පුපුරා ගත්තම ඒක ආගමද? ඒක නෙමෙයි ආගම“ යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 05 මැයි 2019 14:27

    Latest News