ලිපි නොබේදා ගිනි තැබු තැපැල්කරු මාට්ටු

මැයි 05, 2019

    පුඩළුඔය තැපැල් කාර්යයාලයට ලැබෙන ලිපි තැපැල්කරුවෙකු විසින් අයිතිකරුවන්ට බෙදා නොහැර ගිනි තබා විනාශ කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සැකකකරු නාවලපිටිය වැඩ බලන මහෙස්ත්‍රාත් අමිල මදුසංක සරත්චන්ද්‍ර වෙත ඊයේ (04) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 8 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණ.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පුඩළුඔය ඇරෝ වත්තේ පහල කොටසේ පදිංචි එස් කුමරේෂන් නැමති 30 හැවිරිදි එක් දරු පියෙකි. මෙම සැකකරු පුඩළුඔය තැපැල් කාර්යයාලයේ ස්ථිර සේවකයෙකු වන අතර පුඩළුඔය තැපැල් කර්යයාල වසමේ ලිපි බෙදා හරින්නෙකු වශයෙන් කටයුතු කරමින් සිට ඇත.

    සැකකරුට ඉකුත් 03 වෙනිදා තැපැල් කාර්යයාලයෙන් බෙදා හැරිමට ලබාදුන් ලිපි තැපැල් කාර්යයාල භුමිය තුල ගිනි තබා විනාශ කරන බවට පුඩළුඔය පොලිසියේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මකවී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම තැපැල්කරුගේ නිවස පරික්ෂා කිරිමේදි ඔහු බෙදා හැරිමට තැපැල් කාර්යයාලය මගින් භාර දුන් ලිපි 300 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් පරික්ෂක එ.එස්.ඩබිලිව් රන්ජන් බණ්ඩාර මහතා කියා සිටියේය.

    Latest News