පාසලට විශේෂ ආරක්ෂාවක්.....හෙට එකෙන් පසු පාසල් අසල වහන නැවතීමට තහනමක්

මැයි 04, 2019

    ලබන සඳුදා සිට දෙවන පාසල් වාරය යලි ආරම්භ කෙරෙන අතර දිවයින සියලුම පාසල් වලට විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    ඒ වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව මේ වන විට පාසල් ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව හෙට (05) දින දහවල් 1.00 න් පසුව කොළඹ පාසල් අවට වාහන නතර කිරීමෙන් වලකින ලෙස පොලිසිය දැනුම් දේ. කොළඹ සියලුම පාසල් අවට හෙට දිනයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරෙන බව අද පැවති මාධ්‍ය දැනුවත් කිරිමකදි අනාවරණය කෙරිණ.

    පාසල් ආරම්භ කිරීමෙන් පසු ළමුන් රැගෙන එන වාහන සහ පාසල් කාර්ය මණ්ඩල වාහන නතර කිරීමට ඒ ඒ පාසල් වෙනුවෙන් විශේෂ ස්ථාන වෙන් කෙරේ. එම ස්ථාන පිලිබදව මාධ්‍ය හරහා දැනුවත් කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

    Latest News