ත්‍රස්ත ප්‍රහාරයේ නායක සරාන් හෂීම් මියගිය වගට සහතිකයක්... මහචාර්ය රෝහාන් ගුණරත්න

මැයි 04, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිදු කළ කල්ලියේ නායක සහරාන් හෂීම් ස්ථිර වශයෙන්ම මියගිය බවට සාධක ඇතැයි අන්තර්ජාතික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අධ්‍යයන ක්‍ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

    සහරාන්ගේ මරණය සම්බන්ධයෙන් පවතින ව්ව්ධ මත පිළිබඳව ජාතික රූපවාහිනිය කළ විමසුමක දී ඔහු මේ බව කියා කියා සිටියේය.
    සහරාන් හෂීම්, ෂැංග්‍රීලා හෝටලයේ සිදු කළ ප්‍රහාරයේ දී මියගියේ ද යන්න ගැන සැක පළ කරමින් මාධ්‍ය වාර්තා පළවී තිබිණ. මේ සම්බන්ධයෙන් පිළිගත හැකි තත්වයන් පිළිබඳව අප මහාචාර්ය රොහාන් ගුණරත්නගෙන් විමසීමක් කළේය. අයි.එස්. සංවිධානය පිළිබඳ පර්යේෂණාත්මක ග්‍රන්ථ තුනක් පළ කර ඇති ඔහු සිංගප්පුරුවේ සිට දුරකථනයෙන් අප හා සම්බන්ධ විය. මහාචාර්ය රොහාන් ගුණරත්න කියා සිටියේ, ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ, සහරාන්ද මියගොස් ඇති බවට තහවුරු වන බවයි.
    ත්‍රස්තවාදී සංවිධානයක ප්‍රධානියෙකුගේ මරණය සිදුවූ විට විවිධ මතභේදාත්මක අදහස් හා ප්‍රවෘත්ති පළවීම ගෝලීය වශයෙන් දැකගත හැකි තත්වයක්. උදාහරණ ලෙස කොටි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙල්ලමුල්ලි වයික්කාල්හිදී මිය නොගිය බව ප්‍රකාශ කිරීමට දකුණු ඉන්දීය ඇතැම් මාධ්‍ය උත්සුඛ විය. එමෙන්ම, අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අමෙරිකානු ප්‍රහාරයෙන් මරුමුවට පත් නොවූ බවට පැවසෙන මතවාද අදටත් පවතී. ත්‍රස්තවාදී සංවිධානයේ ඉතිරිව ඇති සාමාජිකයන්ගේ මානසික ශක්තිය ස්ථාවරව පවත්වා ගැනීම ද මෙමගින් අපේක්‍ෂිත බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 04 මැයි 2019 20:27

    Latest News