පාස්කු ප්‍රහාරයෙන් වැටුන සංචාරක කර්මාන්ත නැංවීමට ව්‍යාපෘතියක්

මැයි 01, 2019

    ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගනු ලැබූ තීරණ කිහිපයක්...

    අල්ලස් හා දූෂණය තුරන් කිරීම සඳහා නව පනතක් හඳුන්වාදීමට ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
    පාස්කු ඉරු දින සිදුවූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණ දී ඇති තත්වය මඟ හරවා, එය නැවත නඟා සිටුවීම සඳහා යෝජනා ලබාගැනීමට සය දෙනෙකුගෙන් යුත් කමිටුපත් පත් කෙරිණ.

    ගුවන් මගීන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මගී ගමන් මලු සහ භාණ්ඩ පරීක්‍ෂා කිරීමේ නවීන තාක්‍ෂණයෙන් යුත් උපකරණ මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ත්‍රෛයි භාෂා අධ්‍යාපනය සහිත නව මිශ්‍ර ජාතික පාසලක් මීරීගම ප්‍රදේශයේ මිනුවන්ගොඩ, දන්සැලේවත්ත ඉඩමේ අක්කර 20 භූමියක ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය. යෝජිත පාසලේ එක් ශ්‍රේණියක් සඳහා සමාන්තර පන්ති 6ක් ස්ථාපනය කෙරෙනු ඇත.

    Last modified on බදාදා, 01 මැයි 2019 19:28

    Latest News