ආරක්ෂක ලේකම් පුටුවට හිටපු හමුදාපතිවරයෙක්

අප්‍රේ 29, 2019

    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ පත් කර තිබේ.

    අද (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට පත්වීම් භාරදෙනු ලැබිණ.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වැනි හමුදාපති ලෙස 2004 ජුලි මස පත්වු ශාන්ත කෝට්ටේගොඩ මහතා 2005 වසරේ දෙසැම්බර් දක්වා එම තනතුර දැරීය. ඔහුගේ වසර 29 යුද හමුදා සේවා කාලයක් තුළ 1971 සහ 1987- 89 පැවති ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල සහ එල්.ටී.ටී.ඊ යට එරෙහිව සටන්වැදි රණවිරුවෙකි. 1949 උපන් ශාන්ත කොට්ටේගොඩ මහතා මේ වන විට හැත්තැවෙනි වියේ පසුවේ.

    armysecretary px 900 19 04

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 19:52

    Latest News