දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීම, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්‍ෂක අංශ නිලධාරීන්ට අදාල නොවන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ජාතික ආරක්ෂාව ඉවත හෙළමින් යුද හමුදා කඳවුරු කිසිදු අයුරකින් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

2016 වසරේ සිට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාව දක්වා රාජ්‍ය බුද්ධි සේවය විසින් සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාද් සංවිධානය පිළිබඳව වාර්තා 347 පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර තිබූ බව නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්. ශාන්ත කෝට්ටේගොඩ පත් කර තිබේ.

පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.

Latest News