ආරක්ෂක අංශවල දිනක වැටුප පරිත්‍යාග කිරීම අවශ්‍ය නැහැ - ආරක්ෂක ලේකම් (වීඩියෝ)

මැයි 17, 2020
  • දිනක වැටුප රජයට පරිත්‍යාග කිරීම, ත්‍රිවිධ හමුදාවට, පොලිසියට හා සිවිල් ආරක්‍ෂක අංශ නිලධාරීන්ට අදාල නොවන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    කොරෝනා වංසගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවට මඟහරවා ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණ.

    සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිසියේ දිනක වැටුප් කප්පාදුවක් සිදුකරන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝග කර ඇතැයි, සමාජ මාධ්‍ය ජාලාවල පසුගියදා සඳහන් කර තිබිණ. ආරක්‍ෂක ලේකම්වරයා එම අදහස ප්‍රතික්ෂේප කළේය. අදාල ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා අදාල නොවේ. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතාව මඟහරවා ගැනීමට පසුගිය සතියේ ජනාධිපති ලේකම්වරයා රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ මැයි මාසයේ මුළු වැටුප හෝ දිනක වැටුප වැන්දඹු හා අනත්දරු විශ්‍රාම අරමුදලට පරිත්‍යාග කරන ලෙසයි.

    Latest News