ඇඳිරිනීතිය අතරේ බෙලිඅත්තට ගිය දුම්රියට ගල් ප්‍රහාරයක්

අප්‍රේ 24, 2019

    ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට ඊයේ (23) ඇඳිරිනීතිය පවතින අතරතුර රාත්‍රී 10.30ට පමණ ගල් ප්‍රහාරයක් ඒල්ල වී තිබේ.

    තුවාල ලැබූ ඒහි රියදුරු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. ගාල්ලේ සිට ඒම දුම්රිය ගමන් ආරම්භ කළේ, ඊයේ රාත්‍රී 8.35ට පමණ. ධාවනය වෙමින් තිබූ දුම්රියට ප්‍රහාරය ඒල්ල වී ඇත්තේ, බෙලිඅත්ත, උණන ප්‍රදේශයේදී. රියදුරුට තුවාල සිදු වුවද, ඔහු ගමනාන්තය දක්වා දුම්රිය ධාවනය කර ඇතැයි, අප වාර්තාකරු පැවසීය. ගල් ප්‍රහාරයෙන් දුම්රිය ඇන්ජිමේ ඉදිරිපස වීදුරුවකට හානි සිදුව තිබේ. කෙසේ වුවද, ඒම දුම්රිය අද පෙරවරුවේ ගාල්ල බලා ගමන් ආරම්බ කළේය. බෙලිඅත්ත පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

    4

    2 3

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 12:11

    Latest News