පිපිරීම්වලින් පසු දින යාපනයට පලා ගිය 09ක් අත්අඩංගුවට

අප්‍රේ 24, 2019

    කොළඹ සිදු වූ බෝම්බ පිපිරීම්වලට විවිධ අන්දමට සහය ලබා දී ආරක්ෂාව පතා යාපනයට පලා ආ බවට සැක කරන පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ 23 සවස වන විට යාපනයේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මුලින්ම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් යාපනයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ උදෑසන යාපනය බස් නැවතුම්පොළෙන්.

    ඔහුව යාපනය පොලීසියට බාර දුන් පසු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව යාපනයේ විවිධ පළාත්වලින් සැකසහිත පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 09 දෙනා බෝම්බ පිපිරීමේ දිනයට පසු දිනයේ යාපනයට පැමිණි පිරිස් වන අතර ඔවුන් යාපනයට පැමිණීමට හේතුව නිවැරදි ලෙස ප්‍රකාශ කිරීමට අසමත් වූ බවයි යාපනයේ ආරක්ෂක අංශ කියා සිටින්නේ.

    අත්අඩංගුවට ගත් පිරිස අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා. මේ අතර මන්නාරමේදී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් දෙදෙනාද අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වුණේ.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 07:36

    Latest News