දර්ගා නගරයේදී 06ක් අත්අඩංගුවට - වෝකිටෝකි 4ක්

අප්‍රේ 24, 2019

    අළුත්ගම දර්ගා නගරයේ දී ඊයේ (23) රාත්‍රි කළ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    බේරුවල, කංකාවන්ගොඩ ප්‍රදේශයේදී ද පුද්ගලයින් 05 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරනනේ. මීට අමතරව කටාන පොලිස් වසමේ කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිදු කෙරුණු මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනිණ.

    වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවගේ නිවසක් වරකාපොල පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන් එක්ව පරීක්ෂා කර ඇති අතර එහිදී අදාළ නිවසේ තිබී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සොයාගෙන තිබේ. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිණ.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 07:22

    Latest News