සැකකටයුතු පුද්ගලයින් හා බඩු ගැන අවධානයෙන් සිටින්න

අප්‍රේ 23, 2019

    දිවයින තුල පවතින හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් මගීන්ගේ සහ දේපළවල ආරක්ෂාව සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර රැසක් ගෙන තිබේ.

    මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට මගීන්ගේ උපරිම සහය බලාපොරොත්තු වන බවයි එම අධිකාරිය පවසන්නේ. බස්රථ නැවතුම්පොළ ගැවසෙන සැකකටයුතු පුද්ගලයන් හා බඩු බාහිරාදිය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. අනන්‍යතාවය තහවුරු කිරීමට අපොහොසත් පුද්ගලයෙකු නම්, පොලීසිය හා ආරක්ෂක අංශ දැනුවත් කළ යුතුයි. සැකකටයුතු යමක් අනාවරණය වූයේ නම්, වහාම එම ස්ථානයෙන් මගීන් ඉවත් කර ඒ පිළිබඳ ආරක්ෂක අංශ දැනුවත් කළ යුතුයි.

    බස්රථ නැවතුම්පොළෙන් පිටත්වීමට ප්‍රථම බස් රථය තුළ සැකකටයුතු පුද්ගලයන් හා බඩු බාහිරාදිය නොමැති බවට ස්ථාන පාලක මෙන්ම,වේලා සටහන්කරු ද පරීක්ෂාකර බලා තහවුරු කරගත යුතුයි. බස් රථයට නංවා ගන්නා මගීන් සම්බන්ධයෙන් ද විමසිලිමත් වන ලෙස රියදුරු හා කොන්දොස්තර දෙපළ දැනුවත් විය යුතු අතර, කිසියම් සැකකටයුතු පුද්ගලයන් හෝ පාර්සල් වේනම් බස් රථය වහා නවත්වා, වහාම මගීන් බස් රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර, ආරක්ෂක අංශ දැනුවත් කළ යුතුය. මෙම උපදෙස් තරයේ පිළිපදින ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සියලු බස් රථ සේවකයින්ගෙන් මෙන්ම,මගීන්ගෙන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 11:23

    Latest News