දිවයින තුල පවතින හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් මගීන්ගේ සහ දේපළවල ආරක්ෂාව සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර රැසක් ගෙන තිබේ.

දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (නොවැම්බර් 03 වන) දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.‍

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලකුලින් බරව පවතිනු ඇති.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට, මි.මී. 75 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

මේ අතර, අකුණු සැර වැදීමෙන් පොතුවිල් පොලිස් වසමට අයත්, ජමාන්තුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

Latest News