රජයේ සියලු පාසල් 29වැනිදා විවෘත කෙරේ

අප්‍රේ 23, 2019

    රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා අප්‍රේල් 29 වැනිදා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

    මේ වසරේ දෙවන පාසල් වාරය අප්‍රේල් 22 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. මේ වන විට රටේ මතුව ඇති තත්ත්වය හේතුවෙන් හෙට දින (24) වැනිදා ආරම්භ කරණ බව අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය ඉරිදා නිවේදනය කළේය. එසේ වුවද දැනටත් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් පාසල් මේ මස 29 වැනිදා ආරම්භ කිරිමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනය කර සිටි.

    මේ අතර, දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණලාභීන් මේ වනවිටත් නේවාසිකව අධ්‍යයන කටයුතුවල නිරතව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 12:02

    Latest News