අද කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

නොවැ 05, 2018

    රට රකින ජනවේගය ජනරැළියට දැවැන්ත ජනකායක් සහභාගී වන බැවින් විශේෂ රථවාහන සැළැස්මක් හෙට ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    එය, දහවල් 12.00 සිට ක්‍රියාත්මකයි. මාලබේ සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන කොස්වත්ත හෝ බත්තරමුල්ල හන්දියෙන් වටම ගමන් කර, පාලන්තුන හංදිය, කියන්නෑන් වටරවුම, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල හංදිය, පිටකෝට්ටේ හංදිය, පාගොඩ නාවල ඔස්සේ නාරාහේන්පිට දෙසට ගමන් කළ හැකියි.

    තලවතුගොඩ සිට කොළඹ දෙසට ධාවනය වන රථවාහන ඉහත දැක්වූ මාර්ගය ඔස්සේ නාරාහේන්පිට හරහා කොළඹට ඇතුළු විය හැකියි. බොරැල්ලේ සිට තලවතුගොඩ දෙසට ගමන් ගන්නා රථවාහනවලට ද ඉහත මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාව භාවිත කළ හැකි බවයි, රථවාහන පොලීසිය දැනුම් දෙන්නේ.

    කොළඹ සිට මාලබේ දෙසට ගමන් ගන්නා රථවාහන ආයුර්වේද හෝ වැලිකඩ හංදියෙන් ඉදිරියට ගමන් කර, බුත්ගමුව පාර ඔස්සේ කොස්වත්ත හංදිය දක්වා ගමන් කර මාලබේ දෙසට පැමිණිය හැකියි.

    ජනරැළියට සහභාගී වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1200 දෙනෙකු සහ රථවාහන හසුරවන පොලිස් නිලධාරීන් 300ක් යොදවා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ.

    Latest News