නිදහස් දින සමරු උළෙලට සමගාමීව කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ජන 31, 2020

    72 වන ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    එම පෙරහුරු අද, සිට ලබන 03 දා දක්වා සිදු කරනු ඇති.

    ඒ, අනුව එම දිනයන්හි උදෑසන 6 සිට පස්වරු 1.00 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.

    මෙම රථවාහන සැලැස්මට අනුව ග්ලාස් හවුස් හන්දියෙන් නන්දා මෝටර් දෙසට ඇතුළුවීම, පුස්තකාල හන්දියෙන් ග්ලාස් හවුස් දෙසට හා ආනන්ද කුමාරස්වාමි මාවතට ඇතුළුවීම අත්හිටවුනු ඇති.

    ඊට අමතරව ධර්මපාල මාවතෙන් එෆ්.ආර්. සේනානායක මාවතට ඇතුළුවීම, සොයිසා වටරවුමෙන් කන්නන්ගර මාවතට ඇතුළුවීම, විජේරාම මාවතින් රොස්මිඩ් පෙදෙස ඔස්සේ කන්නන්ගර මාවතට ඇතුළුවීම ද මෙම කාලය තුළ අත්හිටුවන බව පොලීසිය පවසයි.

    බෞද්ධාලෝක මාවතේ සිට මෙට්ලන්ට් පෙදෙසට හා ප්‍රේමකිර්ති අල්විස් මාවතට ඇතුළුවීම පෙරහුරු පවතින කාලසීමාවේදී අත්හිටුවන අතර ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් මාවතට ඇතුළුවීම ද අත්හිටුවා තිබේ.

    මේ අතර ලබන 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය හේතුවෙන් ද නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

     

     

    Latest News