කොළඹ අද විශේෂ රථවාහන සැලැස්මක්

ඔක් 07, 2019

    අද (07) පෙරවරු 6.00 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

    ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ආයුර්වේද වට රවුමේ සිට වැලිකඩ හන්දිය දක්වා කොළඹින් වාහන පිටවීම සම්පූර්ණයෙන් නතර කිරීමක් සිදු කෙරේ. නමුත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළු වන වාහන සඳහා ඒ සඳහා හැකියාව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහාත පවසයි.

    එසේම පරණ කෝට්ටේ පාර, වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වට රවුම දක්වා කොටසෙන් කොළඹට වාහන ඇතුළු වීම පෙරවරු 6 සිට නතර කිරීමක් සිදු වන බවත් ඒ අනුව කොළඹින් පිටවන වාහන පරණ කෝට්ටේ පාරේ වම් පස මං තීරු 2 ඔස්සේ කොළඹින් පිට වීමට හැකියාව ඇති බවත් ඔහු පවසයි. එසේම රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500කට අධික පිරිසක් හා ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික ප්‍රමාණයක් යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 07:51

    Latest News