මෝදිගේ සංචාරයට හෙට විශේෂ රථ වාහන සැලැස්මක් (වීඩියෝ)

ජූනි 08, 2019

    ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇත්තේ හෙට (09) පෙරවරුවේදීය. ඒ වෙනුවෙන් වාහන ධාවනයට සීමා කෙරෙන මාර්ග මෙසේය.

    පැය 11.00 සිට 12.00 දක්වා සීමා කරන මාර්ග වන්නේ

    කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, පෑලියගොඩ ගුවන් පාලම, ඔරුගොඩවත්ත හන්දිය, දෙමටගොඩ හන්දිය, බොරැල්ල හන්දිය හරහා කනත්ත වටරවුම දක්වා බේස්ලයින් පාර, බොරැල්ල ඩී. එස්. සේනානායක හන්දිය, සංඥා ලාම්පු අසල සිට හෝර්ටන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල වටරවුම, ධර්මපාල මාවත, පිත්තල හන්දිය, සර් ජේම්ස් පීරිස් මාවත, කුමාර රත්නම් පාර, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, යෝර්ක් වීදිය, බාරොන් ජයතිලක මාවත, රෙක්ලමේෂන් පාර, ලෝටස් පාර, බැංකු මාවත, ජනාධිපති මාවත, ගාලු පාර (ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා මාර්ගය)

    පැය 13.45 සිට පැය 15.00 දක්වා සීමා කරන මාර්ග වන්නේ 

    ජනාධිපති මාවත, බැංකු මාවත, යෝර්ක් වීදිය, චිත්තම්පලම් ඒ ගාඩ්න් මාවත, කුමාර රත්නම් පාර, සර් ජේම්ස් පීරිස් මාවත, මල් පාර, තර්ස්ටන් පාර (තුම්මුල්ල දක්වා)

    පැය 14.30 සිට 15.30 දක්වා සීමා කරන මාර්ග වන්නේ

    ධර්මපාල මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝර්ටන් පෙදෙස, ඩී. එස්. සේනානායක හන්දිය, බොරැල්ල, දෙමටගොඩ, ඔරුගොඩවත්ත හරහා අධිවේගී මාර්ගය දක්වා, බේස්ලයින් පාර,

    කටුනායක කොළඹ අධිවේගී මාර්ගය.

    විකල්ප මාර්ග

    ‍ගාලු පාර දෙසින් පැමිණෙන වාහන තුම්මුල්ල හන්දියේ කනත්ත වටරවුම ඔස්සේ පාර්ලිමේන්තු පාර, බත්තරමුල්ල, කඩුවෙල, බියගම හරහා නුවර පාරට ගමන් කළ හැකිය.

    ගාල්ල මාතර ප්‍රදේශවල සිට පැමිණෙන වාහන අධිවේගී මාර්ග ඔස්සේ කඩවතට පැමිණ අවශ්‍ය පරිදි ගමන් කළ හැකිය.

    මැද කොළඹ සහ උතුරු කොළඹ ප්‍රදේශවල සිට ගුවන්තොටුපළට හෝ නුවර මාර්ගයට ගමන් කරන වාහන නව වික්ටෝරියා පාලමෙන් හෝ කදිරාන පාලමෙන් පිටතට ගමන් කළ හැකිය. මේ කාලය තුළ ගුවන්තොටුපළට ගමන් කිරීමට ඇති මගීන්ට කල්වේලා ඇතිව විකල්ප මාර්ග භාවිත කරන ලෙසට ද පොලිස් මූලස්ථානය ඉල්ලා සිටී.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:48

    Latest News