එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු බහුතරයට සමීපවේ

නොවැ 04, 2018

    නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති කාර්යාලයේ දී අද දිවුරුම් දුන්නා.

    ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ. එක්සත් ජාතික පක්‍ෂයේ අශෝක ප්‍රියන්ත මහතා ද ආණ්ඩුවට සහයෝගය දැක්වීමට අද එක්වුණා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී ධූර 106ක් දිනාගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 95ක්.

    මීට අමතරව දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රී ධූර 16ක්, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ධූර 6ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ ඊපීඩීපී පක්‍ෂය අතරේ මන්ත්‍රී ධූර එක බැගින් බෙදි ගියා. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 95 සිට 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී ධූර සංඛ්‍යාව කථානායක නොමැතිව 105 සිට 97 දක්වා අඩු වුණා. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව ද 16 සිට 15 දක්වා අඩුවී තිබෙනවා.

    Latest News