අද සිදුවූ සිද්ධිය ගැන සෙවීමට ජනපති නියමයෙන් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

අප්‍රේ 21, 2019

    අද(21) සිදුවූ ජාතික ඛේදවාචකයට මුල්වූ කරුණු සහ එහි පසුබිම් සොයා බැලීමට ඉදිරි පැය 24 ඇතුලත පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනාධිපති නිවේදනය කරයි.

    ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු වූ එම බරපතළ ඛේදවාචකයට මුල් වූ කරුණු සහ එහි පසුබිම මෙන්ම අදාළ සිදුවීම් සම්බන්ධයෙන් වූ වෙනත් සාධක පිළිබඳව කරුණු සොයා බැලීම මෙම පරීක්ෂණ මණ්ඩලයේ කාර්යභාරයයි. එහි වාර්තාව සති දෙකක් ඇතුළත වාර්තා කිරීම් සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයය වරයෙකු ගෙන් සමන්විත මෙම විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරි පැය 24 තුළ පත් කරන බව ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා නිවේදනය කර සිටී.

    Latest News