ඇඳිරි නීතිය ඉවතට......විශේෂ ආරෂාව තවදුරටත්

අප්‍රේ 22, 2019

    ඊයේ ඇති වු පිපිරිම් සිද්ධීන් වලින් පසු දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් ඇඳිරි නීතිය අද (22) පෙ.ව 6.00 ඉවත් කර තිබේ.

    කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණි.

    රටේ ආරක්ෂයක තත්ත්වය පිළිබඳව ආරක්ෂුක අංශ සහ සියලුම අංශවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ජාවකින් පසු පොලිසීය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂික දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විතව සියලුම ආගමික ස්ථාන, සංචාරක හෝටල්, රෝහල්, තානාපති කාර්යාල සහ සියලුම කතෝලික ආගමික නායකයන් ඇතුළු ආගමික ස්ථාන, රජයේ වැදගත් ස්ථානවල ආරක්ෂාව තර කිරීමට රජය කටයුතු යොදා තිබේ. මේ වන විට වාර්ග සොදිසි කිරිම් සහ ආරක්ෂ අංශ සාමාජිකයින් විසින් විශේෂ පාරික්ෂාවන්ද ක්‍රියාත්මක කර ඇත.

    Latest News