ආණ්ඩුව ගෙදරයෑමේ හේතු අගරදගුරු - සුමන්දිරන්ට කියයි

නොවැ 04, 2018

    පොදු මහජන විඥාණය හඳුනා නොගැනීම සහ ආර්ථික සහන ලබානොදීම හේතුවෙන් පසුගිය ආණ්ඩුවට එරෙහිව වත්මන් දේශපාලන තත්වය උදාවූ බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියොජිතයන් පිරිසක් උන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව බහුතර බලය පෙන්විය යුතු බවයි. එහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කළේ ආණ්ඩුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු නොවන්නේ මන්ද යන්නයි.

    එහිදී අවාසිදායක තත්වයකට මුහුණ දිය හැකි බවයි, සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂය ජනතාවාදී ආකල්ප ඇතිකර ගත යුතු බව කාදිනල් හිමිපාණන් සඳහන් කළා.

    දැඩි බදු ප්‍රතිපත්තිය, මිල සූත්‍රය හරහා ඉන්ධන මිල ඉහළ දැමීම, ජීවන බර වැඩිවීම, මේ තත්වයට බලපෑ බවයි කාදිනල් හිමියන් ප්‍රකාශ කළේ. හිටපු මුදල් අමාත්‍යවරයා ජනතාවාදී නොවූ බව ද උන් වහන්සේ සඳහන් කළා. මේ නිසා පැවති ආණ්ඩුව හා අගමැති කෙරෙහි ඝෘනාත්මක තත්වයක් ඇති වූ බවයි, කාදිනල් හිමියන් පැවසුවේ.

    මේ වැරදි නිවැරදි කරගැනීමට ඉදිරියේදීත් ක්‍රියාකරන ලෙස උන්වහන්සේ එක්සත් ජාතික පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුමේ ප්‍රකාශ කළා. වත්මන් දේශපාලන තත්වය සමතයකට පත්කර ගැනීම සඳහා සාමකාමීව ක්‍රියා කරන්නැයි, උන් වහන්සේ දෙපාර්ශවයට දැනුම් දුන්නේය.

    Last modified on ඉරිදා, 04 නොවැම්බර් 2018 16:17

    Latest News