19 සංශෝධනයෙන් ජනපති බලය අඩුවී නැහැ - වි.ජ.මු. ලොකුබණ්ඩාර (වීඩියෝ)

නොවැ 04, 2018
  • පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම, යළි කැදවීම ජනාධිපතිතුමා සතු නීත්‍යානුකූල කාර්යක් බව, හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පවසයි.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීතියට හා ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බවයි.

    මධ්‍යයට අදහස් දැක්වූ .ජ.මු. ලොකුබණ්ඩාර මහතා...

    19 වැනි සංශෝධනයේ 70 වැනි වගන්තිය පිළිබඳව කිසිඳු සඳහන් නැහැ...ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාට තිබූ බලය පසුකාලයේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමාට තිබූ බලය කිසිඳු අයුරකින් අඩු කර නැහැ...ඒකට අත තියලවත් නැහැ...70 වැනි ව්‍යවස්ථාව ඒ විදිහට නම් මොකටද දැන් කෑ ගහන්නේ...දෝෂාභියෝගයක් ආපු වේලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා වාර අවසන් කිරීම හොදට කළා...සතියකට දෙකකට නෙවෙයි මාස දෙකකට වුණත් වාර අවසන් කරළා, ඊට පස්සේ මංගල සැසිය පවත්වලා නැවතත් වාර අවසන් කිරීමක් කළ හැකියි..මේ ව්‍යවස්ථාවට අනූව..

     

    පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇති අවස්ථාවක කථානායකවරයාගේ කාර්ය පැහැදිලි කළ වි.ජ.මු.ලොකුබණ්ඩාර මහතා

     වාර අවසන් කළාට පස්සේ පාර්ලිමේන්තුව තාවකාලිකව නිහඩ වෙනවා...වාර අවසන් කළ පසු ඒකට බලයක් නැහැ...බලය ලැබෙන්නේ වාර අවසන් කළ ජනාධිපති විසින් නැවත ආරම්භ කිරීමෙන් පසුවයි..කථානායක කියන්නේ මධ්‍යස්ථ පුද්ගලයෙක්...එයාට කිසිම පාර්ශවයකට මැදිහත් වෙන්න බැහැ...ඒ අයට අදාළ දේශපාලන න්‍යාය පත්‍ර ඇති...නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දඩමීමා කර ගන්න එක හරිද?...රටේ ජනතාව බදු බරෙන් මිරිකෙනවා නම් ජනාධිපතිතුමා කැබිනට් එකේ ප්‍රධානියා වශයෙන් වගකියන්න ඕන...ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමාට තීරණයක් ගන්න යුතුකමක් තියෙනවා..

    නැත්නම් ජනාධිපතිතුමා වැරදිකාරයෙක් වෙනවා කියලා මම හිතනවා...පසුගිය කාලයේ ඡන්ද පැවැත්වුණේ නැහැ...එකම එක ඡන්දයයි පැවැත්වුණේ ඒකෙන් පේනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට බලය තියෙනවා කියලා... ප්‍රජාතන්ත්‍රවාදීයි, කියන ජාත්‍යන්තර සංවිධාන බලන්න ඕන ඇයි ඡන්දයක් තියන්නැත්තෙ කියලා...හැබැයි ජනාධිපති විසින් පාර්ලිමේන්තු වාර අවසන් කළාම එනවා ඒ ගැන විමසන්න...යැයි වි.ජ.මු ලොකුබණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේය..

     

    Last modified on ඉරිදා, 04 නොවැම්බර් 2018 17:03

    Latest News