විදෙස් මාධ්‍ය දෙබිඩි පිළිවෙත

නොවැ 04, 2018

    ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය දෙබිඩි පිළිවෙතකින් ක්‍රියා කරන බව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා හිටපු නියෝජිත තමරා කුනනායගම් මහත්මිය පවසනවා.

    ඇය පෙන්වා දෙන්නේ ඒකපාර්ශවීය මෙම මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකාව තුළ ලේ වැගිරීමක් සිදු වෙමින් පවතින බවට, මතුකර පෙන්වීම බවයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා හිටපු නියෝජිතවරිය මේ බව ඊයේ කියා සිටියා.

    (විදෙස් මාධ්‍යවල දෙබිඩි වාර්තාකරණ පිළිවෙත ගැන උදාහරණයක් දක්වන්න මම කැමතියි. ලංකාවේ රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදුවූ මහ බැංකු වංචාව ගැන ඔවුන් නිහඬයි. එය සැලකෙන්නේ ලංකාවේ සිදුවු විශාලතම වංචාව ලෙසයි. නමුත් ඒ ගැන කිසිදු ප්‍රවෘත්තියක් වාර්තා වන්නේ නැහැ.

    එසේම ලංකාවේ පළාත් පාලන මැතිවරණ වසර දෙකකට වැඩි කාලයක් කල්දැමීම පිලිබඳ කිසිදු ප්‍රවෘත්තියක් වාර්තා වන්නේ 2015 ජනවාරි මාසයේ එක්සත් ජාතික පෙරමුණට ආසන 60ක් පමණක් ඇතිව අගමැතිවරයා පත්කිරීමේදී කිසිදු විදෙස් මාධ්‍යයක් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව ගැන කතා කළේ නෑ.

    එම අවස්ථාව වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 144ක බලයක් තිබුණා. ඒ වගේම තමයි විදෙස් රටවල් ගත්තොත් ජර්මනිය මාස 5ක් තිස්සේ රජයක් පිහිටුවීමට නොහැකිවීම පිලිබඳ විදෙස් මාධ්‍ය නිහඬයි. බෙල්ජියමේ දින 541ක් රජයක් නොමැතිවීම සහ උතුරු අයර්ලන්තයේ ඊටත් වඩා වැඩි කාලයක් රජයක් නොමැතිවීම පිළිබඳ කිසිදු විදෙස් මාධ්‍යයක් වාර්තා කරන්නේ නැහැ.

    කිසිදු බටහිර රටක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතන උත්සාහය පිළිබඳ නිසියාකාර පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කළේ නැහැ. බටහිර මාධ්‍යවල වාර්තාකරණ පිළිබඳ විශාල ගැටලු තිබෙනවා. ඒවා කියවන කොට මට හිතෙන්නේ එයාලා වෙනම ලෝකෙක ඉන්නවා කියලයි. මට තියෙන ප්‍රශ්නය එයාලා වෙනම ලෝකෙක ඉන්නෙ ඇයි කියන එකයි.

    Latest News