ස්ටෝනික්ලිප් තේ වත්තෙන් දිවියෙකුගේ මළ සිරුරක්(ඡායාරූප)

අප්‍රේ 17, 2019

    දිඹුල-පතන ස්ටෝනික්ලිප් තේ වතුයායේ තේ ගස් අතර තිබී අඩි දෙකක් පමණ උස අඩි 04 ක් පමණ දිග විශාල දිවියෙකුගේ මළ සිරුරක් අද (17) තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් විසින් සොයාගෙන තිබේ.

    මෙම දිවි මළ සිරුරු අසල තිබී හිස හා කකුළක් පමණක් ඉතිරිව ඇති සුනඛයෙකුලේ මළ සිරුරක්ද හමු වී තිබේ. මෙම දිවියා මියගොස් දින දෙකක් පමණ වන බවට වතු කම්මකරුවන් සැක කරනු ලබයි.

    මෙම දිවියා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇති බවට සැක කරන බව වතු කම්කරුවෝ පවසති. දිවි මළ සිරුර දිමුල-පතන පොලීසිය මගින් නුවරඑළිය වන ජීවී කාර්යාලයට භාර දීමට නියමිතයි.

    DSC06415

    DSC06424

    DSC06425

    DSC06428

    Last modified on බදාදා, 17 අප්‍රේල් 2019 12:29

    Latest News