බීමතින් ලිංගීක රංගනයට ආ මන්ත්‍රී අත්අඩංගුවට... පොලිස් 02 කට තුවාල

අප්‍රේ 15, 2019

    කන්තලේ බටහතර ප්‍රදේශියේ ඇති වු ගැටුමකින් පොලිස් පරික්ෂකවරුන් 02 තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    ඊයේ පස්වරුවේ කන්තලේ වැවේ බටහතර ප්‍රදේශයේ දිය නාමින් සිටි පිරිසක් වෙතට බීමත්ව පැමිණි තවත් පිරිසක් විසින් විදුරු බෝතල් වලින් පහරදීම කර ඇති බව පොලිසිය පවසයි. මෙම පිරිස කන්තලේ පොලිසියේ රාජකාරියේ නිරත පොලිස් පරික්ෂකවරුන්ගේ දෙදෙනෙකුගේ ඥාතීන්වේ.

    විවේකීව නිවසේ සිටි මෙම පොලිස් පරික්ෂකවරුන් ගැටුම දැන ගැනිමෙන් පසු එම ස්ථානයට ගොස් ඇති අතර බිමත්ව පැමිණි පිරිස මොවුන් දෙදෙනාට ද පහරදී තිබේ. මෙම ප්‍රහාරයෙන් පොලිස් පරික්ෂකවරයින් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

    බීමත් පිරිස විසින් කාන්තාවන්ට ලිංගික අතවර කිරිම් සිදුකර ඇත. සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු වේ. ඒ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on සදුදා, 15 අප්‍රේල් 2019 16:32

    Latest News