සෙවනගල ද්විත්ව ඝාතනයක්

අප්‍රේ 13, 2019

    සෙවනගල, තුන්කමයාය, නුගේගලයාය ප්‍රදේශයේ වගා ඉඩමක වාඩියක නිදාසිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර තිබේ.

    අද (13) අළුයම 04.00ත් උදෑසන 07.30ත් අතර කාලය තුළදී අදාළ ඝාතනය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. මෙසේ මියගොස් ඇත්තේ 39 හැවිරිදි සහ 54 හැවිරිදි සෙවනගල, නුගේගලයාය සහ කිරිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

    මෘත ශරිර සම්බන්ධයෙන් මොණරාගල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරිමට නියමිතයි. සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 13:29

    Latest News